හෙට තරගයේදී ටෙස්ට් වරම් හිමිවන නවකයා


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් හෙට ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සොනාල් දිනූෂට ටෙස්ට් වරම් හිමිවීමට නියමිත බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවන් ටෙස්ට් වරම් හිමිකරගත් 170වන ක්‍රීඩකයා බවට සොනාල් දිනූෂ පත්වනු ඇත.

පළමු පෙළ තරගවලදී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වා ඇති සොනාල් දිනූෂ පළමු පෙළ පිටියේ ඉනීම 75ක් තුළ ලකුණු 2478ක් රැස්කොට ඇති අතර බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 99කි.