රිශාබ් පාන්ට්ගෙන් සුවිශේෂී වාර්තාවක්


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී ඉනිම් දෙකේදීම ශතක ලබාගත් දෙවන කඩුලු රැකින්නා ලෙස වාර්තා අතරට එක්වීමට ඉන්දියාවේ රිශාබ් පාන්ට් සමත් වී තිබෙනවා.

ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීයි.

ඔහු එම තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ අතර පළමු ඉනිමේ ලකුණු 137ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 118ක් රැස් කළේය.

මින් පෙර එම දස්කම දක්වා තිබුණේ සිම්බාබ්වේ ක්‍රීඩක Andy Flower පමණි.

ඔහු 2001 වසරේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබුණි.