සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටිනවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශාදම් ස්ලාම් ලකුණු 46ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් ද ලිටන් දාස් ලකුණු 34ක් හා මෙහිදි හසන් මිරාස් ලකුණු 31ක් ද වශයෙන් වාර්තා කළා.
අද දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි. එහිදී ආරම්භක වේග පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත් වූ අතර අද දින ටෙස්ට් වරම් ලබා ගත් තුන්ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ද කඩුළු 2ක් දවා ගැනීමට සමත්විය. මීට අමතරව දඟ පන්දු යවන්නන් ලෙසින් නායක ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත්වූහ.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
Social Plugin