2025 Dialog අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ තරග 5ක් ඊයේ(28) ක්‍රියාත්මක වුණා.
එහි එක් තරඟයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාල අතර තරගය රාජකීය විද්‍යලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවතියා.
මෙම තරගයෙන් ලකුණු 29 ට 07ක ජයක් වාර්තා කළ රාජකීයයන් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගත්තා.
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තරග වැදුණු අතර එහිදී ලකුණු 23ට 05ක් ලෙස පෙරළිකාර ජයක් ලැබීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.
සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 38ට 27ක සුපිරි ජයක් හිමිකර ගන්නට ඉසිපතන ක්‍රීඩකයින්ට ද හැකිවිය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය ලොන්ඩන් පෙදෙස CR ඇන්ඩ් FC ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණු තරගයෙන් ලකුණු 29ට 07ක ජයක් හිමිකර ගන්නට මහනුවර ත්‍රිත්ව කණ්ඩායමට හැකියාව ලැබුණා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසුණු අතර තරගයෙන් 30 ට 27ක තියුණු ජයක් වාර්තා කරන්නට ආනන්ද කණ්ඩායම සමත් වුණා.
Social Plugin