ඉන්දියාව වෙනුවෙන් ආකෘති ත්‍රිත්වය යටතේම ශතක කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා අද (28) වාර්තා පොත් අලුත් කළාය.
එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.
ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය ශතකය ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 62ක් පමණි.
ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 210ක ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි.
එංගලන්තය ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.
Social Plugin