පෘතුගාල පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තවත් වසර 2ක කාලයක් සඳහා සිය ක්‍රීඩා සමාජය වන අල් නසාර් සමඟින් ගිවිසුම් ගතවී තිබෙනවා. ඒ අනුව ඔහු 2027 වසර තෙක් එම ක්‍රීඩා සමාජය සමඟින් රැදී සිටිනු ඇත.
ඔහු අත්සන් කළ නව ගිවිසුමෙන් ඔහුට ලැබෙන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
නව ගිවිසුමට අනුව ඔහුට වසරකට අල් නසාර් වෙතින් ලැබෙන වැටුප පමණක් යුරෝ මිලියන 178 ක්. එය ශ්‍රී ලංකා මුදලින් නම් වසරකට රුපියල් කෝටි 6230කි.
සරලවම සඳහන් කළොත් ඔහුට ලැබෙන වැටුප ශ්‍රී ලංකා මුදලින් නම් මාසයකට රුපියල් කෝටි 519 ක්, සතියකට රුපියල් කෝටි 129.75 ක්, දිනකට රුපියල් කෝටි 18.53 ක්, පැයකට රුපියල් ලක්ෂ 77 ක් සහ විනාඩියකට රුපියල් ලක්ෂ 1.2 ක් ලෙස සරල කළ හැකියි.
මෙම වැටුපට අමතරව ඔහුට ලැබෙන දීමනා සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ.
- * අල් නසාර් කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් 15% ක් (යුරෝ මිලියන 33 වටිනාකමක්)
- * කොන්ත්‍රාතුව දීර්ඝ කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 24.5 ක දීමනාවක්. (දෙවන අවුරුද්ද ද රැඳී සිටියහොත් තවත් යුරෝ මිලියන 13.5 ක් අතිරේකව හිමි වේ)
- * එක් ගෝලයකට යුරෝ 80 000 ක දීමනාවක්
- * එක් ගෝල ලබා ගැනීමට සහාය වීමකට යුරෝ 40 000 ක දීමනාවක්
- * අල් නසාර් සෞදි ලීගය ජයග්‍රහණය කළහොත් යුරෝ මිලියන 8 ක දීමනාවක්
- * සෞදි ලීගයේ වැඩිම ගෝල ලාභියා වුවහොත් යුරෝ මිලියන 8 ක දීමනාවක්
- * ආසියානු චැම්පියන්ස් ලීගයට සුදුසුකම් ලබා ගැනීම සහ ජය ගැනීම වෙනුවෙන් යුරෝ මිලියන 6.5 ක දීමනාවක්
- * පෞද්ගලික ජෙට් යානා සඳහා වන යුරෝ මිලියන 4 ක පිරිවැය සම්පූර්ණයෙන්ම අල් නසාර් ක්‍රීඩා සමාජයෙන් දැරීම
- * යුරෝ මිලියන 60 ක වටිනාකමින් යුත් අනුග්‍රාහකයන් ලබා දීම
- * 16 දෙනෙක් රොනාල්ඩෝ වෙනුවෙන් සේවයේ යෙදවීම සිදු කරන අතර ඔවුන්ගේ ඇටුප් ගෙවීම ක්‍රීඩා සමාජයෙන් සිදු කෙරේ. (රියදුරන් 3 ක්, නිවාසය බලා ගැනීම වෙනුවෙන් 4 ක්, කෝකියන් දෙදෙනෙක්, ගෙවතු පාලකයන් තිදෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙක්)
මේ වන විට රොනාල්ඩෝ අල් නසාර් වෙත පැමිණ වසර 3 කට අධික කාලයක් ගත වුවත් ඔහු තවමත් කිසිඳු ප්‍රධාන පෙළේ ශූරතාවයක් ඔවුන් සමගින් ජය ගැනීමට සමත් වූයේ නෑ.
Social Plugin