යුපුන් නැවතත් සුපුරුදු රිද්මයට! හොඳම කාලය වාර්තා කරයි!


ජර්මනියේ පැවති Anhalt 2025 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව වෙනුවන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ(21) තරග බිමට පිවිසියා.

එම ඉසව්වෙහි මූලික වටයේ තරගයේදී තත්පර 10.30ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට යුපුන් සමත් වුණා.

ඉන් නොනවතින යුපුන් Final B තරග වටයේදී ප්‍රථම ස්‍ථානය දිනාගත්තේ තත්පර 10.18ක කාලයක් වාර්තා කරමින්.

එය යුපුන් මෙවර තරගවාරයේ වාර්තා කළ හොදම කාලයයි.