තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
එහිදී ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ මීටර් 6.37 ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින්.
මධුෂානි පැනීම් අවස්‍තාවන් 6කදි තරග වැදුනු අතර ඉන් අවස්ථා 4කදීම මීටර් 6 සීමාව පසුකරන්නට සමත් වුණා.
තායිලන්තයේ තමාසාට් හී දී අද (22) සිට ලබන 25 වනදා දක්වා පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වුණා.
Social Plugin