පැතුම් නිස්සංකට අවාසනාවන්ත ලෙස මංගල ද්විතව ශතකය අහිමි වෙයි (වීඩියෝ සහිතයි)


ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

සුපිරි ඉනිමක් දියත් කරමින් සිටි පැතු,ම් නිස්සංක ලකුණු 187කට දැවී යාමත් සමඟ ඔහුට සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

පන්දු 256 කට මුහුණදෙමින් ඔහු වාර්තා කළ සුපිරි ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23 ක් අන්තර්ගත විය.

ලකුණු 187ක් ලබා සිටියදී හසාන් මත්මුද් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඳීමෙන් ඔහු දැවී ගියේය.