ආසියානු රග්බි ශූරතාවලියේ සිය දෙවැනි තරගය සඳහා සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) රාත්‍රි හොංකොං බලා පිටත්වයාමට නියමිතයි.
මේ අතර ධනුෂ්ක රංජන් හා ශාහිඩ් සුම්රි ද නැවත සංචිතයට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.
උණ රෝගය හේතුවෙන් පසුගියදා දකුණු කොරියාව සමග පැවති තරගයේදී විවේක ගන්වන ලදි.
තරගාවලියේ සිව්වැනි තරගය මෙන්ම ශ්‍රී ලංකාවට හිමි දෙවැනි තරගය වන හොංකොං කණ්ඩායමට එරෙහි තරගය එළැඹෙන 22 වැනිදා හොංකොං හිදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ශ්‍රී ලංකාවට හමුවන ප්‍රබලතම ප්‍රතිවාදීන් වන හොංකොං කණ්ඩායම මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 23 වැනි ස්ථානයේ පසු වේ.
Social Plugin