ක්‍රීඩා සමාජ 24කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් Bowling Machine


මේජර් ක්ලබ් තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් 14කට සහ Tier B තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් 10කට Bowling Machine ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාතමක කර අති අතර, රට තුළ පුහුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ දේශීය ක්‍රිකට් ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් මෙය සිදු කර තිබේ.

කොළඹ ක්‍රිකට් සමාජයේ සති අන්තයේ පැවති විශේෂ උත්සවයකදී මෙම යන්ත්‍ර නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා, ගරු ලේකම් බන්දුල දිසානායක මහතා සහ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි මහතා සහභාගී විය.