වාර්තා පොත් අතරට ගිය ශුබ්මන් ගිල්


සංචාරක ඉන්දියාව හා එංගලන්තය අතර තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලීඩ්ස්හිදී අද (20) ආරම්භ විය.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශුබ්මන් ගිල් හට පැවරී තිබෙනවා.

ඔහු ටෙස්ට් නායකත්වයට පත්කිරිමෙන් පසු ක්‍රීඩාකරන පළමු තරගය මෙයයි.

තවමත් 25 වන වියේ පසුවන ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙය වූ 5වන ළාබාලම නායකයා ලෙස වාර්තා අතරට එක්විය.