රෝහිත් ෂර්මා මැතිව්ස් වෙනුවෙන් දැක්වූ උපහාරය


ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන අවසන් ටෙස්ට් තරගය මේ දිනවල ගාලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස් වෙත සුබපැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

ඒ සිය 'X' සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් එක් කරමින්.

එහිදී ඔහු මැතිව්ස් වෙත සිය ගෞරවය ප්‍රකාශ කර ඇති අතර,  ක්‍රීඩාවෙන් ඔහු ළඟාකරගත් ජයග්‍රහණ වෙනුවෙන් ද සුබපැතුම් එක්කර ඇත.