ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ සිව්වැනි දිනය වන අද (20) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය කඩුළු 03ක් දැවී ලකුණු 177ක් රැස් කරගෙන සිටියා.
අද දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක Najmul Hossain Shanto ලකුණු 56ක්ද, Mushfiqur Rahim ලකුණු 22ක්ද රැස් කරගෙන සිටියා.
අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටි අතර ලකුණු 485ක් වන විට ශ්‍රී ලංකා පිලේ සියලුම කඩුලු දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකිවිය.
ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4ම ලකුණු 15ක් බිඳ වැටුණි.
අද දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් පසුවිය.
බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.
Social Plugin