RCB වෙනුවෙන් ක්‍රීඩා කළ මංගල IPL තරගයේදීම නුවන් තුෂාර බිඳ හෙලූ කඩුල්ල


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (28) පැවැත්වුණා.

ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් දිනා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස් කළා.

තරගාවලිය පුරාවට සිය සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වූ ලක්නව් නායක පාන්ට් ඊයේ සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමට සමත් වුණා.

පාන්ට් පන්දු 61කින් නොදැවී ලකුණු 118 ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර සිය පන්දුවාර 4 නිම කළේ ලකුණු 26කට එක් කඩුල්ලක් ලබා ගනිමින්.