බංගලාදේශ කඩුළු රකින්නාට වෙච්ච වින්නැහිය (වීඩියෝ සහිතයි)

බංග්ලාදේශ ඒ කණ්ඩායම් හා නසීලන්ත ඒ කණ්ඩායම් අතර සිලෙට්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී සිදු වූ සිදුවීමක් පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

තරගයේ නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරවාරයේදී එක් අවස්ථාවක බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක හා නායක නුරුල් හසාන් කඩුලු රකින ස්ථානයේ රැඳී නොසිට පළමු ස්ලිප් කලාපයේ රැදී සිටින අවස්ථාවේදී වූ සිදුවීමක් පිළිබඳව කාගේත් අවධානය යොමු වී තිබෙනවා

නවසීලන්ත ඉනිමේ පස්වැනි පන්දුවාරය බංගලාදේශ ක්‍රීඩක එබඩොට් හොසේන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පස්වැනි පන්දුව නවසීලන්ත පිතිකරු Rhys Mairu විසින් නිදැල්ලේ හැරීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී පන්දුව රැක ගැනීම සදහා කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන් නිසි ස්ථානයේ රැදී නොසිටි බැවින් පන්දුව එම ස්ථානයේ ස්ථානගත කර තිබූ හිස් වැසුමක වැදීමෙන් මෙම සිදුවීම සිදුවිය.

කෙසේවෙතත්, විනිසුරුවරයා එම අවස්ථාවේදී තරග නීතිරීතිවලට අනුකූලව නවසීලන්ත පිලට දඬුවම් ලකුණු පහක් ලබා දුන්නේය.

Marylebone ක්‍රිකට් සමාජයේ 28.3.2 නීතියට අනුව, “ක්‍රීඩා කරන අතරතුර පන්දුව ආරක්ෂිත හිස්වැස්මේ වැදුණහොත්, පන්දුව වහාම අජීවී පන්දුවක්(Dead ball) බවට පත්වනඅතර, අදාළ නම් විනිසුරුවරයා ලකුණු ලාභීන් වෙත No ball හෝ Wide සංඥා කළ යුතුය, නැතහොත් පිතිකරණ පැත්තට දඬුවම් ලකුණු 5ක් ලබා දිය යුතුය,” යනුවෙන් සඳහන් වේ. 

එම වීඩියෝව පහතින්,