වසර 57කට පසු ආසියානු බොක්සිං ශූරතාවලිය ලංකාවට

 

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද (12) ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ දී වසර 57ට පසු පැවැත්වෙන මෙම තරඟාවලිය සදහා නේපාලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ප්‍රංශ පොලිනීසියාව, තායිලන්තය, මැලේසියාව, සෞදි අරාබිය, පලස්තීනය, කිර්ගිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල් 23 ක් මෙම 23 දක්වා තරඟ වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උමයංග මිහිරාන්ට ලබාදී තිබේ.

සමාරම්භවක අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසර ගණානාවකට පසු මෙවන් තරඟාවලියක් දේශිය වශයෙන් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයට සුබ පැතුම් එක් කරන බවයි.

මෙම සමාරම්භක අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද එක්වුණා.