සුපිරි රග්බි තරුවක් මෙලොව හැර යයි

සුපිරි රග්බි තරුවක් මෙලොව හැර යයි



ප්‍රංශයේදී සිදු වූ රිය අනතුරකින් ෆීජි රග්බි ක්‍රීඩක ජෝසෙයා රේසික් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට 31 වන වියේ පසු වූ රේසික් වෘත්තීමය වශයෙන් ප්‍රංශයේ Castres Olympique කණ්ඩායමත් සමඟින් ක්‍රීඩා කරමින් සිටියා.

ඔහු ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටියේ සත් සාමාජික රග්බි පිටියේ පෙරළිකාර චරිතයක් ලෙසයි.

අඩි 6 අඟල් 4 ක උසක් සහ කිලෝග්‍රෑම් 113 ක බරක් සහිත ජොසේයා පිටිය තුළදී බොහොම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.

2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත් ෆීජි සත් සාමාජික රග්බි කණ්ඩායමද නියෝජනය කරනු ලැබූ ජෝසෙයා  ජීවිතක්ෂයට පත් වන විට ෆීජි සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් තරග 21ක් සඳහා ක්‍රීඩා කර තිබුණි.

වින්ග් සහ Openside Flanker ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරපු ජෝසෙයාගේ මරණයෙන් අනතුරුව ප්‍රංශයේ මේ සතියේ පැවැත්වෙන්නට නියමිතව තිබූ සියලුම ක්‍රීඩා සමාජ රග්බි තරග කල් දමා තිබෙන බව විදෙ මාධ්‍ය වාර්තා කරනවා.