දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ?


ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

එමෙන්ම ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවද උපුල් තරංග සඳහන් කර තිබෙනවා.

ඉදිරි තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින සූදානම පිළිබඳව Daily Ft වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා.