එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු පුහුණුකරු මෙන්ම ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන්, මැයි 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා පුහුණුකරුවෙකු සහ ඉහළ කාර්යසාධනයක් සහිත උපදේශකයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එම කාල සීමාව තුළ බූන් ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ, කාන්තා ‘ඒ’ කණ්ඩායමේ, පිරිමි නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ පිතිකරණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට නියමිතයි.
Social Plugin