එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු Dubai Grand Prix 2025 මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් වුනා.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් පස් දෙනෙකු සහභාගී විය.
මෙහිදී පිරිමි මීටර් 100 Final Section 1 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූරයා වන යුපුන් අබේකෝන් තරග බිමට පිවිසුණු අතර, සුළඟේ කිසිඳු දායකත්වයක් නොමැතිව වුව ද ඔහු මෙහි දී තත්පර 10.39කින් තරගය නිම කරමින් 05 වැනි ස්ථානයට පත් වුනා.
ආබාධ තත්ත්වය සුව අතට පත්වීමෙන් අනතුරුව කලකට පසු තරග බිමට පිවිසි ඔහු මෙහිදී දැක්වූ දක්ෂතාවය මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතා අතරේ තැබිය නොහැකි වුවත්, විචාරකයින් සඳහන් කළේ ආබාධයෙන් අනතුරුව ඔහු තම ඉසව්ව වෙනුවෙන් ලැබු හොඳ ආරම්භයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි.
මේ අතර Final Section 2 ඉසව්වට සහභාගී වූ චමෝද් යෝධසිංහ තත්පර 10.27ක තරග නිමි කාලයක් සමඟ ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.
පිරිමි මීටර් 100 සඳහා තරග වට 6ක් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 44ක් සහභාගී වුණා.
එම ක්‍රීඩකයින් 42 දෙනා අතුරින් දෙවැනි ස්ථානය චමෝද්ට හිමි වූ අතර, යුපුන් අබේකෝන්ට හිමි වූයේ 06 වැනි ස්ථානයයි.
Social Plugin