ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නිසා IPL තරගාවලියේ ඉදිරි කොටස අර්බුදයක

ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වෙමින් පවතින ආරක්ෂක ආතතිය හේතුවෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් IPL තරඟාවලියේ ඉතිරි කොටසට සහභාගී වීම අවිනිශ්චිත බව The West Australian පුවත්පත වාර්තා කර තිබේ.

Pat Cummins, Travis Head, සහ Nathan Ellis වැනි ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් IPL හි ඉතිරි තරඟ සඳහා සහභාගී නොවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔවුන් නියෝජනය කරමින් සිටින කණ්ඩායම් වන Sunrisers Hyderabad(SRH) සහ Chennai Super Kings(CSK) කණ්ඩායම් මේ වනටිටත් තරගාවලියෙන් ඉවත්ව සිටින අතර ඔවුනට තවත් ඉතිරිව ඇත්තේ තවත් සීමිත තරග සංඛ්‍යාවකි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත වී ඇත්තේ ජූනි 11 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිත බැවින් බව සඳහන්.

IPL 2025 තරඟාවලියට සහභාගී වන අනෙකුත් ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතර Josh Hazlewood (RCB), Mitchell Starc (DC), Marcus Stoinis, Josh Inglis, Aaron Hardie, Xavier Bartlett (PBKS), Mitchell Marsh (LSG), සහ Nathan Ellis (CSK) ඇතුළත් වේ.

ඔවුන්ගේ සහභාගීත්වය මේ වන තෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව එම පුවත්පත් වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙයි.