දකුණු අතේ මාපටැඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මැයි 29 වන දින ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ඉවත් කර ඇත.
ඔහු වෙනුවට එංගලන්ත එක්දින සංචිතයට ලූක් වුඩ් එක් කර තිබෙනවා.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට සමඟ මැයි 4 වනදා පැවති තරගයේදී ආචර්ට මාපටැඟිල්ලේ ආබාධයක් ඇති විය.
මෙවර IPL තරගාවලියේදී තරග 12කට සහභාගී වූ ආචර් අතර කඩුලු 11ක් ලබා ගත්තේය.
එංගලන්ත ක්‍රිකට් ආයතනය(ECB) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ආචර්ගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කිරීම සඳහා ඉදිරි දෙසතිය තුළ එංගලන්ත වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුව නැවත පරීක්ෂ්ණයකට භාජනය කරනු ඇති බවයි.
Social Plugin