එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County championship Division Two) යටතේ Northamptonshire හා Glamorgan කණ්ඩායම් අතර තරගය පසුගිය සිකුරාදා ආරම්භ වුණා.
Cardiff හීදි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් Northamptonshire කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 185 ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත පන්දුවාර 11.2 ක් යොමු කරමින් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 28 ක් පමණක් ලබා දෙමින්.
Glamorgan කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 424ක් රැස් කළ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ Ben Kellawey ලකුණු 95ක් රැස් කළා.
Northamptonshire ක්‍රීඩකයන්ගේ දෙවෙනි ඉනිමද ලකුණු 304කට සීමා වූ අතර එහිදීද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 42කට කඩුලු 3ක් බිඳ හෙලීය.
තරගයේ ජයග්‍රහණය සඳහා Glamorgan ක්‍රීඩකයන්ට ලකුණු 66ක ඉලක්කයක් හිමි වූ අතර කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට ඔවුන් සමත් විය.
අසිත බිඳ හෙලූ කඩුලුවලට අදාළ දශර්න පහතින්,
— cric sl (@cricslvideo) May 17, 2025
Social Plugin