උඩ පමාවෙමින් තිබු මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්දේශය ලැබෙයි

 උඩ පමාවෙමින් තිබු මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්දේශය ලැබෙයි



සෞදි අරාබියේ දමාම් හී දී ලබන 15 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායමට අවශ්‍යය නිර්දේශය පමා වීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීමේ ස්වභාවය ද බල පෑ බවයි.එහි නිල වශයෙන් තරගාවලියට එක්වන අමාත්‍යංශයය සම්බන්ධ නිලධාරීන් ප්‍රමාණය සහ ඊට පිටතින් සහභාගිවන නිලධාරීන් ප්‍රමාණය යන කාරණා නිසා පහසුවෙන් නිර්දේශය ගත හැකිව තිබූ අවස්ථාව තව දුරටත් දිග් ගැසී ඇති බව ප්‍රකාශ කරා.

එසේම ජාත්‍යන්තර පාසලක නිලධාරිණියක් එහි කාන්තා භාර නිලධාරිණීය ලෙස නම් කිරීම ගැන ද ඇතැම් පාර්ශවවලින් චෝදනා එල්ල වීම ද යම් ආකාරයක විමසා බැලීමට කාලයක් ගන්නා හේතුවක් වී ඇත.එහෙත්  අමාත්‍යංශයේ ක්‍රීඩා අංශයෙන් එම නිලධාරිණියගේ සේවය ගැන ඉහළ රෙකමදාරුවක් ලැබීමෙන් එය ද නිරාකරණය කරගෙන අමාත්‍යංශ ලේකම්තුමියද අනුමැතිය ලබා දී තිබුණත්,අග්‍රාමාත්‍යතුමිය නිල සංචාරයක් සඳහා ගොස් තිබීම ද යම් ආකාරයක ප්‍රමාදයකට හේතු වන්නට ඇති බව අමාත්‍යංශ සෘජුව පිළි නොගත්තද යම් ආකාරයකින් විය හැකි බවට සැක පහළ කළේය.

කෙසේ නමුත් මේ පිළිබඳව මාධ්‍ය කිහිපයක්ම අමාත්‍යංශයෙන් කරුණු විමසමින් පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි තරගවලට සහභාගිවීමට නොහැකි වූ අවස්ථාද මෙවැනි නිර්දේශ ප්‍රමාද, ඉදිරියට හමුවන සෑම කටයුත්තකදීම බලපාන බව පෙන්වා දුන් පසුව එම අනුමැතිය ඉක්මන් කිරීමක් වෙන්නට ඇතැයි ද අමාත්‍යංශ ආරංචි මාර්ග සපුරා නැතත් යම් මට්ටමකට විය හැකි බව පිළිගත්තේය.එදිරියේදී එම ප්‍රමාදයන් ඇති වීමට තව දුරටත් ඉඩ ඇති නිසා ක්‍රීඩා අමාත්‍යංශයද මෙම ක්‍රීඩකයන්ගේ කටයුතු ප්‍රමාදයකින් තොරව ඉටු කිරීමට නොපමාව මැදිහත්විය යුතුව ඇත.

පහත දැක්වෙන්නේ එම තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

පිරිමි

ඉමේෂ් සිල්වා (ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ) - මීටර් 100

සඳරුවන් සිල්වා (නාලන්ද පිරිමි විද්‍යාලය, මිනුවන්ගොඩ) - මීටර් 100

මදුවන්ත බෝගොඩ (ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල) - මීටර් 400

ශනුක කොස්තා (ගේට්වේ ජාත්‍යන්තර පාසල, කොළඹ) - මීටර් 400

සවිඳු නිමේෂ ඩයස් (දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) - මීටර් 400 කඩුලු 

සවිඳු අවිශ්ක (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය) - මීටර් 800

රෙහාන් පෙරේරා (ලයිසියම් විද්‍යාලය, වත්තල) - මීටර් 800

ලහිරු අචින්ත (ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය, රත්නපුර) - මීටර් 3000

නෙත්‍යා සම්පත් (මාරිස්ටෙලා විද්‍යාලය, තිඹිරිගස්කටුව) - උස පැනීම

දිනුක ඩිල්ශාන් (මුලෙන්දියාවල මහා විද්‍යාලය, මුලෙන්දියාවල) - උස පැනීම

ජේඑල් ජෙන්කින්ස් (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර) - තුන් පිම්ම

හන්සන ජයසිංහ (ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ) - තුන් පිම්ම

කාන්තා 

සෙව්මිණි ප්‍රනාන්දු (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල) - මීටර් 200

අභිෂේකා පේමසිරි (වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය, ගම්පොල) - මීටර් 800

සන්සලා හිමාෂනී (අඹගමුව මධ්‍ය විද්‍යාලය, අඹගමුව) - මීටර් 800

අයේෂා සෙව්වන්දි (නබඩගස්වැව මහා විද්‍යාලය, හම්බන්තොට) - මීටර් 1500

නිධුකි ප්‍රාර්ථනා (බරණන්කට්ටුව කණිෂ්ඨ විද්‍යාලය, මුන්දලම) - මීටර් 1500

සචිනි මධුහංසිකා (නබඩගස්වැව මහා විද්‍යාලය, හම්බන්තොට)- මීටර් 2000 බාධක දිවීම

දිල්කි නෙහාරා (ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, පානදුර) - තුන්පිම්ම

SOURCE: NMR (Journalist)