පදක්කම් නැතත් ශ්‍රී ලංකාවට වාර්තා
ලෝක ගාහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි සහය දිවීම තරගයෙන් ශ්‍රී ලංකාවට අත් වුණේ කණ්ඩායම් පහක් අතරේ පස්වන තැනයි.එහෙත් ලෝකයේ තරගකාරීම කණ්ඩායම් අතර සිටිමින් තරගයට සහභාගි වූ සිව්දෙනා ගෘහස්ථ සහය දිවීමේ තරගයකට පළමු වරට තරග කරමින් එම ඉසව්වට අදාළව ලාංකිකයන් විසින් වාර්තා කරන ලද හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා.විනාඩි 3;10.58 ක් වූ එම වාර්තාව සමඟ එහි පැරණි වාර්තාව පිහිටුවා තිබූ ප්‍රසන්න අමරසේකර,රෝහිත පුෂ්පකුමාර,ශිවන්ත වීරසූරිය සහ අශෝක ජයසුන්දර තබා තිබූ විනාඩි 3:11.29 ක් වූ වාර්තාව බීදී යනවා.ප්‍රසන්න,රෝහිත,ශිවන්ත සහ අශෝක මෙම වාර්තාව තබා ඇත්තේ 2007 වසරේදී මැකාවෝ හී පැවති ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ දී යි.
SOURCE: NMR (Journalist)
Social Plugin