පරණ වැරදිවලට දැනුත් දඬුවම් ලෙස චැම්පියන්ස් අහිමිවන ශ්‍රී ලංකාව සතු චැම්පියන් යුගලය


 පරණ වැරදිවලට දැනුත් දඬුවම් ලෙස චැම්පියන්ස් අහිමිවන ශ්‍රී ලංකාව සතු චැම්පියන් යුගලය 



ශ්‍රී ලංකාවට 2023 දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී මුල් කණ්ඩායම් අට අතර නොරැදීමේ පලයක් ලෙස අද ආරම්භ වන චැම්පියන්ස් කුසලාන තරගාවලිය අහිමි වෙනවා.ඒත් මේ තරගාවලියේ දී වැදගත් භූමිකාවන් දෙකකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් උර දෙනවා.

ඒ අතරින් ලෝකයේ සිටින ප්‍රවීනම තරග තීරකවරයා වන රන්ජන් මඩුගල්ල තරග තීරක මඩුල්ලේ කටයුතු කරනවා.එසේම තරග විනිසුරුවරයෙක් ලෙස මෙම තරගාවලිය විනිශ්චය කිරීම සඳහා කුමාර ධර්මසේන සුදුසුකම් ලබා සිටිනවා.ශ්‍රී ලංකාව මෙම තරගාවලියෙන් ඉවත් කර ඇත්තේ මේ මොහොතේ ඔවුන් දක්වන දක්ෂතා සැළකිල්ලට ගෙන නෙමෙයි.2013 තරගාවලිය පදනම් කරගෙනයි.

ඒ වන විට පැවති ක්‍රීඩාවේ දේශපාලන අධිකාරිය එම තරගාවලියේ තේරීම් සඳහා පවා ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු පිරිසට යම් බලපෑමක් කළ බව පසුව පැවසුණු අතර,දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන ලද බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමකට මුහුණ දෙන්න ද සිඳු වුණා.

මේ තරගාවලිය පකිස්තානයට අතිශයින් වැදගත් වෙනවා.කාලෙකට පසුව ජාත්‍යන්තර කණ්ඩායම් වෙනුවෙන් පකිස්තානය ක්‍රිකට් තරග සඳහා විවෘතව තිබෙනවා.එහෙත් පකිස්තානයට ක්‍රිකට් ලෝක සූරතාවයක් ගෙනවිත් දුන් වගේම,පකිස්තානයට දැවන්ත පිළිකා රෝහලක් ඉදි කර දුන්,පසුව දේශපාලනයට පිවිස පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ද වූ ඉම්රාන් ඛාන් ලෝකයේ බොහෝ ක්‍රිකට් ලෝලීන් විශ්වාස කරන අකාරයට පකිස්තානයෙන් බිහි වු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයායි.ඒත් මේ තරගාවලියේදී පකිස්තානය පුරා විශාල ජන කොටසක් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කර තිබීම ගැන දොස් පවරන විරෝධයක් ඇති අතර ඉම්රාන්ට කලෙකට පසු ක්‍රිකට් හරහා ලෝකය පකිස්තානය දකින මේ තරගාවලිය සියැසින් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

ලෝකයක්ම ගරු කරන පකිස්තාන ක්‍රිකට් සූරයාට දේශපාලනය විසින් අත් කර දී ඇති ඉරණම එයයි.ආසියාවේ ටෙස්ට් තත්ත්වය ඇති රටවල් අතරින් මේ තරගාවලියට ක්‍රීඩා නොකරන්නේ ශ්‍රී ලංකාව පමණයි.ඒ තත්ත්වයටද බොහෝ දුරට ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ අතර එම ඉරණමට පාදක වන ක්‍රිකට් හී තත්ත්වය නිර්මාණය කරන්නට දේශපාලනිකව ක්‍රිකට් මත ඇති කළ පීඩනයට,ඉම්රාන් පකිස්තානයට ලෝක සූරතාවය දිනා දුන් ආකාරයටම ශ්‍රී ලංකාවට ලෝක සූරතාවයක් හිමි වූ පළමු මොහොතේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ගේ බලපෑමද හේතු වූවා.

අර්ජුනත්,ඉම්රාන් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව එය ආශිර්වාදයක් කරගෙන පකිස්තානයට දැවන්ත පිළිකා රෝහලක් ඉදි කර දුන්නා.අර්ජුන ද ඒ ආකාරයටම ක්‍රීඩක නවාතැන් පොළක් ආරම්භ කරන්නට වැඩ කටයුතු සැළසුම් කළා.සමහර පාරිභෝගික භාණ්ඩවලින් ද ඒ සඳහා යම් සුළු මුදලක් එකතු වූ බවත් මතකයේ තිබෙනවා.එහෙත් එය ඉම්රාන්ගේ පිළිකා රෝහල වගේ යථාර්තයක් වුණේ නැහැ.

හේතුව කුමක් වුව ද,සෑම කේෂ්ත්‍රයකම සෑම කෙනෙකුටම හැමදාකම ස්ථාවරව සිටින්නට ඉඩ ලැබෙන්නේ නැහැ.ශ්‍රී ලංකාවට වඩා දැවන්ත ඉතිහාසයක්, ජයග්‍රහණ සම්බන්ධයෙන් ඇති බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම ද මේ තරගාවලිය ක්‍රීඩා කරන හොඳම කණ්ඩායම් අට අතරේ නැහැ.එසේම 2023 දී මුහුණ දුන් ඒ දරුණ පසුබෑමෙන් අත් මිදී මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවෙනවා.තරගාවලියට සහභාගි වන එංගලන්තය,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් හතරටම වඩා වත්මන් ශ්‍රේණිගත කිරීම් සළකද්දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.

SOURCE: NMR (Journalist)