එංගලන්තයට පහර දුන්නේ ශ්‍රී ලංකාවට පැරදුණු ඔස්ට්‍රේලියාවමයි
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේය.ඊට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය විය.මේ ජය සහ පරාජය අතර තිබුණු වෙනස එක එක ආකාරයට විග්‍රහ කිරීමේදී මුලින් පැරදී, පසුව සිඳු වූ ජය අහම්බයක් ලෙස දකින්නට උත්සාහ කළ අවස්ථා තැනින් තැන මතු විය.
තරගයක් අහම්බයක් විය හැකිය.තරග දෙකක්ම විශිෂ්ඨ ලෙස ජය ගැනීම අහම්බයක් විය නොහැකිය.එවිට සිඳු වූයේ ඔස්ට්‍රේලියා කණ්ඩායම නවකයන්ගෙන් පිරුණු කණ්ඩායමක් ලෙස සෘජුව හෝ වටින් ගොඩින් ප්‍රකාශ කරමින් ජයග්‍රහණය හෑල්ලු කිරීමට කරුණු ඉදිරිපත් කිරීමය.ඊට හේතුව ප්‍රවීනයන් නොමැති වීම,ඇතැමෙක් සිය පළමු එක්දින තරගයට සහභාගි වීම වැනි කරුණුය.
ශ්‍රී ලංකාවේ යම් කොටසක් ශ්‍රී ලංකාව ජය ගතහොත් එහි ගෞරවය ක්‍රිකට් පාළකයන්ට යන බැවින් ජය ගන්නවාට කැමති නැත.එහෙත් තාක්ෂණික වශයෙන් ක්‍රිකට් පරිපාලනයට කණ්ඩායමට පහසුකම් සැපයීමේ වගකීම සහ කළමණාකරණය සඳහා අවශ්‍යය භෞතික පහසුකම් සම්පාදනය වැනි කරුණු ඇරෙන විට ක්‍රීඩා පිටියට එන කණ්ඩායම තේරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය යටතේ වගකීමක් ක්‍රිකට් පරිපාලනයට නැත.තේරීම් කමිටුව කවුරුන්ද යන්න නම් කිරීමේ අවසාන වගකීම යන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටය.තේරීම් කමිටුව පත්වීමෙන් ඉනික්බිති ඔවුන් වගකීමට බැදී සිටින්නේ ද අමාත්‍යවරයාට වන අතර අවසාන කණ්ඩායම තේරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සන අත්‍යවශ්‍යය කාරණයක්ය.
අප පරාජිත වූ ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේ දී එම පරාජය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පාර්ශවය සහ ක්‍රිකට් පරිපාලනය අතර පරාජයේ කුට්ටියේ අඩු කොටස තමන් සතු කර ගැනීම සඳහා ආරවුලක් ඇති වූ අයුරු මතකය.එහි දී ලෝක කුසලාන සංචාරයට තේරීම් කමිටුව විසින් නම් කරන ලද සංචිතයේ යම් වෙනස්කම් ක්‍රීඩා අමාත්‍යංශයේ එවකට සිටි අමාත්‍යවරයාට සිටි උපදේශකයාගේ බලපෑම් ඇතිව,ක්‍රීඩා අමාත්‍යවරයා කළ බව සහතික විය.
හ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රිකට් කණ්ඩායම වෙන්වෙන තැන නිවැරදිව හඳුනා නොගැනීම ක්‍රිකට් ගැන කරන කතා බහේදී විශාල ගැටළුවකි.රට පුරා ක්‍රිකට් ව්‍යාප්තිය ඇතුළු සංවර්ධන කටයුතු සමඟ වන යටිතල පහසුකම්වලදී ක්‍රිකට් වෙත පැවරෙන වගකීම් සහ එහි ක්‍රියාත්මක ස්වභාවයන් මිස ක්‍රීඩා පිටියේදී දකින කණ්ඩායමේ දක්ෂතා සහ දුර්වලතා ක්‍රිකට් පරිපාලනයට අදාළ වන්නේ ඔවුන් විසින් කණ්ඩායම වෙත ලබා දිය යුතු පහසුකම් නිවැරදිව ලබා දීම සහ ලබා නොදීම යන කාරණා මත පමණය.
ඒ නිසා ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමේ වටිනාකම ගැන කළ අඩු තක්සේරුව ඔස්ට්‍රේලියාව එම කණ්ඩායමම යොදා ගනිමින් එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ඨ ජයෙන් පසුව හැකිලී ගියේය.වසර 27 ක පැරණි වාර්තා අලුත් කරමින් ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය අලුත් කළ ඔස්ට්‍රේලියාව කියා පෑවේ තමන්ගේ විශිෂ්ඨත්වය පමණක් නොවේය.තමන්ව පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨත්වය ය.ඒ විශිෂ්ඨ හැකියාව පෙන් වූ ශ්‍රී ලංකාව මෙවර සූරයක්ගේ කුසලාන තරගාවලියේ දකින්නට නැත්තේ රටේ දේශපාලන අත පෙවීම් හරහා කණ්ඩායමට ඇති කළ බලපෑම හේතුවෙන්ය.
ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව කණ්ඩායමක් හැටියට හරියට හැසිරුණේ ද යන ගැටළුව මතු වන්නේය.කණ්ඩායමට නම් කළ සංචිතය සිටියදී දෙවන තරගයේදී රමේෂ් මෙණ්ඩිස් කැඳවීම වැනි කාරණා රමේෂ් නුසුදුසුය කීමට වඩා තේරීම් කමිටුව ප්‍රදර්ශනය කළ නුසුදුසුකමක් විය.දිනූෂ සොනාල් වැනි අනාගතයට වටිනා ක්‍රිඩකයෙක් කැඳවන්නට තිබුණු ඉඩ එයින් වැසී ගියේය.
රටක එම ක්‍රීඩාව සතු වැදගත්කම ඕනෑම මොහොතක නිර්භීතව ඕනෑම කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ හැකි දක්ෂයන් පෙළ ගැසී සිටීමය.එයට වෙනත් උදාහරණ අවශ්‍යය නොවන්නේය.ඔස්ට්‍රේලියා කණ්ඩායමම ප්‍රමාණවත්ය.ශ්‍රී ලංකා ක්‍රිකට් රට තුළ මේ තත්ත්වය ඇති කිරීමට සහ ඕනෑම තත්ත්වයක් මත ක්‍රීඩා කිරීමට අවශ්‍යය පරිදි හැකියාව දියුණු විය හැකි යටිතල පහසුකම් සම්බන්ධයෙන් තව දුරටත් සිතිය යුතුව ඇත.
පකිස්තානය මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය තුළ තමන්ට ලැබුණු ඓතිහාසික අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබෙන බව දැකිය හැකිය.කණ්ඩායමක් හැටියට ඔවුන් අසාර්ථක වුව ද,යළි පකිස්තානයේ ක්‍රීඩා කරන්නට පැමිණි කණ්ඩායම්වලට ඔවුන් ලකුණු සහිත ප්‍රේක්ෂකයන්ට උපරිම ක්‍රිකට් ආස්වාදයක් විඳිය හැකි තණතීරු සකස් කර තිබීම පකිස්තානයේ ක්‍රිකට් බිම් වෙත ලෝක ආකර්ශනය ඇති කර ගන්නට හේතුවක්ය.
කෙසේ වුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුළ නැති වීම විශාල හිදැසක් බව දැනී අවසන්ය.ඔවුන්ගේ ක්‍රීඩා රටාව මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය විසින් තරගවලට එකතු කරන චමත්කාරය ගැන රෝහිත් ෂර්මා ද කතා කර තිබිණ.එම පසුබිම සහ ලෝක කුසලානය ආසන්නයේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රි ලංකාව පෑ දක්ෂතා සහ එහිදී පරාජය වූ ඔස්ට්‍රේලියාව තමන්ගේ විශිෂ්ඨත්වය එංගලන්තයට එරෙහිව කියා පෑම මතත් ශ්‍රී ලංකාව මේ තරගාවලියේ කුසලානයට තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි කණ්ඩායමක් ලෙස අවධානයට ලක් වෙනු නිසැකය.
වාර්තාගත ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://es.pn/4h0gsL8
SOURCE: NMR (Journalist)
Social Plugin