වසර දෙක හමාරකට පසුව වැන්ඩර්සේ ට ටෙස්ට් තරග අවස්ථාවක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට 2022 ජූනි 29 වන දා සහභාගි වී ඇති ජෙෆ්රි වැන්ඩර්සේට අද (29) සිය දෙවන ටෙස්ට් තරගය සඳහා අවස්ථාව හිමි වී ඇත.ඒ වෝන් - මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන්නට නම් කළ හ්‍රී ලංකා කණ්ඩායමට වැන්ඩර්සේ ගේ නමද ඇතුළත් කර ඇති බැවින්ය.එක් වේග පන්දු යවන්නෙක් (අසිත ප්‍රනාන්දු) පමණක් ඇතුළත් කර ඇති කණ්ඩායමට බොහෝ විට අතිරේක පන්දු යැවිමේ වගකීමක් සිඳු කරන්නට ඇන්ජලෝ මැතිව්ස්ට සිඳු වනු ඇත.ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරිස් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රදානම අවිය වන දඟ පන්දුව ශක්තිමත් කිරීමට වැන්ජර්සේ ද කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
ධනංජය ද සිල්වා,දිමුත් කරුණාරත්න,ඔෂධ ප්‍රනාන්දු,දිනේශ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිවිස්,කමිඳු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,ප්‍රභාත් ජයසූරිය,නිශාන් පීරිස්,ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු
SOURCE: NMR (Journalist)
Social Plugin