හැව්ලොක්ස් පෙරමුණට

 

හැව්ලොක්ස් පෙරමුණට 




අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ මාස්ටර් කාඩ් සූරතාවයට සති පහක් ගෙවෙන තැන වඩාත් සමීපව සිටින කණ්ඩායම බවට පත්වෙමින්,ලකුණු සටහනේ පෙරමුණ ගන්නට හැව්ලොක්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.එහෙත් ඔවුන් තරග 5 ක් ක්‍රීඩා කර එක් තරගයක් පමණක් පරාජය වී ඇතත්,දෙවන සහ තෙවන තැන පිළිවෙලින් සිටින සීආර්ඇන්ඩ් එසෙී කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම තවමත් අපරාජිතව සිටින අතර ඔවුන් මේ දක්වා සහභාගි වී ඇත්තේ තරග හතරකට පමණයි.ඒ ආකාරයෙන් බලන විට හැව්ලොක්ස් කණ්ඩායමට වඩා සීආර් කණ්ඩායම මේ සටහනේ පෙරමුණ ගත යුතු බවක් පෙනෙන්නට තිබෙනවා.

රාජපක්ෂමය ආශිර්වාදය ඉහළින්ම ලැබුණු,මෑත ඉතිහාසයේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් ලෙස වැජඹුණු නාවික හමුදා කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ අවසාන තැන පසුවන අතර කෝඩුකාර ශ්‍රී ලයන්ස් කණ්ඩායම නාවික හමුදා කණ්ඩායමට වඩා ඉහළින් රැදී සිටිනවා

SOURCE: NMR (Journalist)