ජැෆ්නා වැස්සටත් නො‘පැරදී ඉදිරියෙන්

 







ජැෆ්නා වැස්සටත් නො‘පැරදී ඉදිරියෙන්

පළමු එල්පීඑල් පන්දු වාර 10 ලීග් තරගාවලියේ දී මේ දක්වා තරග 5 ක් කණ්ඩායමක් අවසන් කර තිබෙනවා.එම බොහෝ තරග අවසන් කියා තීරණය වුව ද,නොපැවත් වූ තරග බවට පත්වීමට වර්ෂාවේ බලපෑම එල්ල වුණා.එහෙත් ජැෆ්නා ටයිටන් කණ්ඩායමට මේ අයහපත් කාලගුණය නිසා පවත්වන්නට නොහැකි වූ තරග ලැබුණේ එකක් පමණයි.ඔවුන් සහභාගි වූ තරග 4 ම නිමා කර ලකුණු සටහනේ සෙසු කණ්ඩායම් අභිබවා අපරාජිතව ඉදිරියේ රැදී සිටිනවා.

අවමාන තැන සිටින නුවරඑළිය කින්ග්ස් කණ්ඩායම මෙන්ම මහනුවර බෝල්ට්ස සහ කළමුඹු ජගුවර්ස් ද වර්ෂාව නිසා තරග තුනක තීරණය අහිමි වී ගිය කණ්ඩායම් වෙනවා.වර්ෂාවෙ බාධාව ජය ගැනීම තරගය ජය ගැනීමට වඩා අපහසු තත්ත්වයක,මේ මොහොතේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පහෙන් හතරක්ම ජයග්‍රාහීව අවසන් කිරීමට ජැෆ්නා කණ්ඩායමට හැකි වීම තවත් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.

මේ වන විට පිතකරුවන් අතරින් වැඩිම ලකුණු ලබාගෙන ඉදිරියෙන් සිටින්නේ ජැෆ්නා කණ්ඩායමේ චරිත් අසලංක වන අතර ජැෆ්නා කණ්ඩායමේ ට්‍රෙවීන් මැතිව්ස් පන්දු යවන්නන් අතර වැඩිම කඩුලුලාභියා ලෙස ඉදිරයෙන් පසුවෙනවා.

SOURCE: NMR (Journalist)