කමිඳු හා දුෂ්මන්ත කෝටි දෙකහමාරකට විකිණෙයි-ඒෂාන් මාලිංගටත් කෝටි 4ක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18.12ක්) සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15.19ක්) මිලදී ගත් අතර, වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.53ක්) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මිලදී ගත්තේය.
එයට අමතරව කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.58ක්) පිළිවෙලින් සන්රයිස් හයිද්‍රාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මිලදී ගත්හ.
වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.20කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.14ක්) සන්රයිස් හයිද්‍රාබාද් මිලදී ගත්තේය.
Source srilankasports.com

Social Plugin