පහළොස් හැවිරිදි ඉසුරි සහ සිතුමි විනාඩි 15 න් ජය කණුවට

 

පහළොස් හැවිරිදි ඉසුරි සහ සිතුමි විනාඩි 15 න් ජය කණුවට

බහරේන් හී පැවත්වෙන බහරේන් ජාත්‍යන්තර බැඩ්ම්න්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා බහරේනය නියෝජනය කළ මේරියන් අල්කාබාස් සහ හෙලන් අමේනි ට එරෙහිව විනාඩි 15 ක් ඇතුළත තරගය නිමා කර ජය ගන්නට සමත් වුණා.

එම විනාඩි 15 තුළ 15 හැවිරිදි වියේ පසුවන ලාංකේය ක්‍රීඩිකාවන් දෙදෙනා ලකුණු 21-3 ක් සහ 21 – 4 ක් ලෙස තරගය නිමා කර ජයග්‍රහණය තමන් සතු කර ගන්නට සමත් වුණා.

SOURCE: NMR (Journalist)