රනිත්මාට අමතරව රශ්මිත්, පිරිමි සහ කාන්තා යුගල කණ්ඩායම් සියල්ලත් දෙවන වටයට

රනිත්මාට අමතරව රශ්මිත්, පිරිමි සහ කාන්තා යුගල කණ්ඩායම් සියල්ලත් දෙවන වටයට

චීනයේ ක්‍රියාත්මක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දෙවන දිනය වන ඔක්තෝම්බර් 8 වන දා ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන වටය නියෝජනය කරන්නට කාන්තා යුගල කණ්ඩායම් දෙකක්,මෙන්ම පිරිමි යුගල කණ්ඩායම් දෙකක් ද නිතරගයෙන් සුදුසුකම් ලබා ඇත.

පිරිමි යුගල කණ්ඩායම් ලෙස පමිත් අත්තනායක සහ සංජුල හෙට්ටිආරච්චිගේත්,අචින්ත්‍ය මඩපාත සහ පසිඳු මුතුතන්ත්‍රිගේත් දෙවන වටයට තරග වදින පිරිමි යුගල කණ්ඩායම් වෙති.කාන්තා යුගල කණ්ඩායම් අතර වරංගනා ජයවර්ධන සහ රශ්මි මුදලිගේ නියෝජනය කරන යුගලයත්,දිල්කි අම්බලන්ගොඩගේ සහ සඳති හේවාගාල්ලගේ නියෝජනය කරන යුගලයත් දෙවන වටයට සුදුසු වී සිටිති.

රනිත්මා ලියනගේ ට අමතරව රශ්මි ලියනගේ ද දෙවන වටයට සුදුසුකම් ලබා සිටිති.රශ්මි දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තේ උතුරු මරියානාස් හී ජෙගලින් රෝයි මිරැන්ඩෝ ලකුණු 21-3 සහ 21-2 ලෙස පරාජයට පත් කරමින්ය.පිරිමි කේවල අංශයේ දී තිළිණ රාජකරුණා,තිදැස් වේරගොඩ සහ ෂෙනුක් සමරරත්නත් යන තිදෙනාටම සිය පළමු තරගයේ දී ම පරාජයට පත් වී තරගයෙන් ඉවත් වන්නට සිඳු විය.

SOURCE: NMR (Journalist)