“මම කිව්වේ ඉක්මනට මේක ඉවරයක් කරගමු කියලයි. ඉක්මනින් විශේෂ මහ සභාවක් පවත්වලා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරලා වාර්ෂික මහ සභා රැස්වීමකට යමු කියලා. මුලින් එකඟවෙලා පස්සේ පළාත් සංගම් මට ලිපි මඟින් දැනුම් දුන්නේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි කියලයි. මම කිසිම අවස්ථාවක රග්බි නිලවරණය ප්‍රමාද කරලා නෑ. හැම අවස්ථාවේදීම පළාත් සංගම් තමයි ඒ අවස්ථා නැති කර ගත්තේ. දැන් ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන කාල සීමාව අවසන් වෙන්නත් ළඟයි. ආයේ දීර්ඝ කරන ලෙස මම පසුගියදා ලිඛිතව එයාලාගෙන් ඉල්ලීමක් කළා. ඒක හරි අමාරු වැඩක්. අපිට මෙහෙම වුණේ පළාත් සංගම් අධිකරණ මාර්ගයට ගිය හින්දයි. ඒක එහෙම නොවෙන්න අපිට නිලවරණයක් පවත්වලා තියෙන හැම ප්‍රශ්නයම ඉවර කර ගන්න තිබුණා.”
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු දිණමිනට කියා ඇති මේ අදහස අපි ඔහුගෙන් අනුමත කර ගත්තෙමු.
“ඉක්මනින් විශේෂ මහ සභාවක් පවත්වලා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරලා වාර්ෂික මහ සභා රැස්වීමකට යමු කියලා.“
මූලික වශයෙන් නිලවරණය නොපවත්වා කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකීමෙන් වැඩ නොකරන නිසා විසුරුවන්නට වූ රග්බි පරිපාලනයේ වගකීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරෙන්නේ නිලවරණය පවත්වා පරිපාලන කටයුතු කිරීම සඳහාය.ඉනික්බිති ක්‍රීඩා පණතෙන් පැවරෙන බලතල ප්‍රකාරව පහසුකම් සපයන්නෙකු මෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ව්‍යවස්ථා සංශෝධන කටයුතු අධික්ෂණය කරන්නට සහ රටේ ක්‍රීඩා ප්‍රතිපත්තය හා නොපෑහෙන්නේනම් එම තත්ත්වයන් පෙන්නා දිය හැකිය.
එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අවශ්‍යය වන්නේ පළමු කොට ව්‍යවස්ථා සංශෝධනයකට යාමට බව ඔහුගේ මේ අදහස් දැක්වීමම පැහැදිළි කරන්නේය.සංගමය විසුරුවා හැරියේ එහි නෛතික්ව එහි පාලනය තීරණය කිරීමේ අයිතිය ඇති පුද්ගලයන්ට එම අයිතිය අහිමි විම නිසා,ඔවුන් අමාත්‍යවරයාට කරුණු දැක්වීම නිසාය.දැන් සිඳු වන්නේ වගකීම ඉටු නොකළ නිසා ඉවත් කළ පරිපාලනයේ නිලධාරීන්ම,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ විවිධ වගකීම්වලට පත් කර රගර් ඔහු යටතේ ඉදිරියට රැඟෙන යන ගමන්,නිලවරණයක් නොපැවත්වීමෙන් අගතියට පත් වූ බව පෙන්වා දුන් පිරිස්වල අයිතිය කප්පාදු වෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් කිරිමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් වීමය.
ශ්‍රී ලංකාවේ රගර් ව්‍යාප්තිය වෙනුවෙන් මේ ආකාරයට රගර් ව්‍යස්ථාව සංශෝධනය කරන්නේ ද ලෝක රග්බි සම්මේලනයේ අනු දැණුම ඇතිව පැවති ව්‍යහුයට වඩා රටේ රගර් ප්‍රචලිත කිරිමට සුදුසු ව්‍යවස්ථාව ලෙස වත්මන් ව්‍යවස්ථාව ගෙන එමින්ය. (පදනම්ව පවතින්නේ එම සංශෝධනයය)
අද වන විට මුලු මහත් ක්‍රීඩාවන්ම ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපත් කළ යුතු සංවර්ධනය කළ යුතු අගනුවර කේන්ද්‍රීය පරිපාලනය ඒ වෙනුවෙන් විමධ්‍යගත කළ යුතුය යන කතිකාවට පැමිණ සිටියි.එවැනි පසුබිමක එය රටේ ක්‍රීඩාවේ ජාතික උවමනාව හැටියට සහ දේශපාලනය විසින් ද අනුමත කරන තත්ත්වය ලෙස දකින්නට තිබියදී රගර් හී ව්‍යවස්ථාව ඉතා සීමිත ප්‍රමාණයක විසිර පවතින් ක්‍රීඩා සමාජවලට බලය අත්වන පරිදි වෙනස් කිරීමට අනුබල දීම ගැටළුකාරීය.එය බලල්ලුන්ට දී කිරි පරිස්සම් කරන්නට යැයි දීම වැනි වැඩකි.මේ වන විටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම එහි ආනිශංෂ විදිමින් සිටින අතර අලුතෙන් රගර් ඒ ශ්‍රේණියට ගෙනා බී ශ්‍රේණියේ සූරයන් පිළිනොගන්න යැයි මේ ක්‍රීඩා සමාජ කිහිපයක් බලපෑම් කරමින් සිටියි.
සැබවින්ම පළමු කොට බී ශ්‍රේණියෙන් කණ්ඩායමක් උඩට ගෙන ඊ ළඟ වසරේ දී කණ්ඩායම් දෙකක් ඒ ශ්‍රේණියෙන් බී ශ්‍රේණියට ගෙන බී ශ්‍රේණියෙන් ඒ ශ්‍රේණියට සූරතාවය දිනන කණ්ඩායම ගෙන ඉනික්බිති වසරක් පුරා බී වලින් ඉහළට එකක් ද,ඒ වලින් එකක් පහළට ද ගෙන ඒම උචිතය.එසේ නොවන තැන සිඳුවන්නේ ක්‍රීඩා සමාජ කිහිපයක් අත සෙක්කුවක් සේ රගර් කැරකුණත් ලැබෙන තෙලක් හෝ පලක් නැති වීමය.එහෙත් මේවා ඔහුට යෝජනා කර අලුත් පරිපාලනයට ධනාත්මකව රගර් පෙරට ගෙන යන්නට අත දීමක් වශයෙන් කළ හැකි යෝජනා පමණි.
මේ වනවිටත් ක්‍රීඩා සමාජ කිහිපයකට වැඩිය බලය යන සේ ව්‍යවස්ථාව හැකිලීමෙන් රගර් ක්‍රීඩාවට වන අගතිය දැක දැකත්,තව දුරටත් ලෝක රගර් සම්මේලනයට රට ක්‍රීඩාව විමධ්‍යගත කිරීමට අපේක්ෂාවෙන් සියලු සංශෝධන කරන බවත් ඒ නිසා පවතින විහිදුණු ව්‍යහුය වෙනස් කිරීම වෙනුවට එය තව දුරටත් විහිදුවාලිය හැකි ක්‍රම මිස හැකිලීමේ ක්‍රමයකට යාමට රජයේ ප්‍රතිපත්තිවල ඉඩක් නැති බවත් කිව යුතුය.එය රගර් නිලවරණය පවත්වා හඳුනාගත් ඉසව්වල ප්‍රගතියක් අපේක්ෂාවෙන් කළ යුතු යැයි සිතෙන සංශෝධන ගැන තීරණවලට ඒමට උපකාර කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට ඇත.එහි නිලධාරීන් පවතින ව්‍යහුය ඇඳ කරන්නට යාම ප්‍රජාතන්ත්‍රවාදීවද වැරදිය.මානවීය ගුණාංගවලින් යුතු කාරණයක් ද නොවේය.
SOURCE: NMR (Journalist)
Social Plugin