වේගය දරන හදවතට එබෙන්න

 



වේගය දරන හදවතට එබෙන්න 


ලොව සිටින වේගවත්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙනී සිටින සහ ඔවුන්ගේ ජීවිත හෙළිදරව් කෙරෙන Netflix ක්‍රීඩා නැඩ සටහන් මාලාව වන SPRINT හි දෙවන කොටස නොවැම්බර් 13 වන දින දියත් කෙරේ.

මෙම වැඩ සටහන් මාලාවේදී වර්ථමාන ක්‍රීඩා පිටියේ සිටින වේගවත්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Noah Lyles, Julien Alfred, Kishane Thompson, Gabby Thomas, Letsile Tebogo, Marcell Jacobs, Fred Kerley සහ Shericka Jackson යන අයගේ ජීවිත පිළිබඳ විවරණයක් ඔවුන්ගේ මැදිහත්වීමෙන්ම විඳින්නට අවකාශ ලැබෙනු ඇත. SPRINT හි දෙවන වාරිකය පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වටා කේන්ද්‍රගත වී ඇති අතර ඔබට පහත සඳහන් ලිපියට පිවිස එහි පහතින් දක්වා ඇති පිවිසුම් මාර්ග ඔස්සේ Netflix ඔස්සේ හෝ එම සටහනේ පහත දක්වා ඇති අනෙකුත් පිවිසුම් මඟ ඔස්සේ හෝ මේ වේගවත් තරුවල ජීවන රසය විඳින්නට අවකාශ සළසා ගැනීමට හැකිය.

https://bit.ly/3UisDug 

මේ ලිපිය සමඟ ඇත්තේ යු ටියුබ් අවකාශයේ දැක්වෙන SPRINT හි දෙවන කොටස වෙනුවෙන් සකස් කළ පූර්ව ප්‍රචාරන පටයයි.

SOURCE: NMR (Journalist)