9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි දිනය වූ ඔක්තෝබර් 10 වැනිදා නිමා වෙන්නේ B කාණ්ඩයෙන් නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පිවිසෙමිනුයි.
එතෙක් තරගාවලියේ තෙවැනි ස්ථානයේ රැඳී සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ නිමා වූ තරගයේ දී බංග්ලාදේශය පරාජයට පත් කරමින් මෙම ස්ථානය තහවුරු කර ගත්තා. මේ වන විට B කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් ත්‍රිත්වය ම ප්‍රසාද ලකුණු 4ක් බැගින් ලබා ගෙන තිබීම කැපී පෙණෙනවා. එයින් බටහිර ඉන්දීය කොදෙව්වෝ සහ දකුණු අප්‍රිකාව තවත් තරගයක් ඉතිරිව ද සහ එංගලන්තය තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ද මෙම ස්ථානවල රැඳී සිටිනවා.
ඒ අනුව මෙම ලැයිස්තුවේ පිළිවෙල සැකසී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් (1.708), දකුණු අප්‍රිකාව (1.527), එංගලන්තය ((0.653), බංග්ලාදේශය (-0.835) සහ ස්කොට්ලන්තය (-2.671) ලෙසයි.
පෙර දිනයේ A කාණ්ඩයේ තරග නොපැවත් වුනු බැවින් තව දුරටත් එම ලැයිස්තුව පෙර පරිදිම සැකසෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව (2.524), ඉන්දියාව (0.576), පාකිස්තානය (0.555), නවසීලන්තය (-0.050) සහ ශ්‍රී ලංකාව (-2.564) පිළිවෙලින් ප්‍රසාද ලකුණු පුවරුවට එක් ව සිටිනවා.
13 වැනි තරගය
බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්
- තරගයේ වීරයා – Karishma Ramharack (බටහරි ඉන්දීය කොදෙව්)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 83ක ජයක්.
මේ අතර අද (ඔක්තෝබර් 11 වැනිදා) දහවලේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Social Plugin