බැඩිමින්ටන් කොළඹ Line එක හදන වැඩේ....
ශ්‍රී ලංකා බැඩ්මින්ටන්, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව යටතේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 13න් පහළ කොළඹ දිස්ත්‍රික් පුහුණු සංචිතයන්හී (කොළඹ දකුණ / කොළඹ උතුර / කොළඹ නැගෙනහිර / කොළඹ මධ්‍යම) ක්‍රීඩකයින් වෙනුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ තාක්ෂණික දැනුම ලබාදීම සදහා රේඛීය තීරක (Line judegement) පාඨමාලාවක් 2024/08/31 දින ශ්‍රි ලංකා බැඩ්මින්ටන් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. බොහෝ විට ක්‍රීඩකයින් වෙත පුහුණුකරුවන්ගේ ශාරීරික හා ක්‍රීඩාකිරීමේ තාක්ෂණික උපක්‍රම පිළිබද දැනුම පමණක් යාවත්කාලීන වන අතර තරග තීරකවරුන්ගේ තීරණ හා නීති රීති සම්බන්ධ දැනුම යාවත්කාලීන නොවන බැවින් මෙය ක්‍රීඩකයින් වෙත ලැබුණු වටිනා අවස්ථාවක් බව සදහන් කළ යුතුය. තවද ඉදිරියේදී මෙම පාඨමාලාව දිවයිනේ සෙසු සංචිත සදහාද ලබා දීමට අප උත්සාහ කරන බව මෙමගින් දන්වා සිටිමි.
SOURCE: NMR (Journalist)
Social Plugin