ඔසී හුරු ලිමන්සා ඔසී ගමණට ලංකාව වෙනුවෙන් එකතු වෙයි

 

ඔසී හුරු ලිමන්සා ඔසී ගමණට ලංකාව වෙනුවෙන් එකතු වෙයි

ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන  අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ලිමන්සා තිලකරත්නත් ඇතුළත් කර තිබෙනවා.ඇය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායටම නායකත්වය දුන් තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වීම නිසාම මේ තේරීම ඇතැම් අයගේ විවේචනයට ද ලක් වී තිබෙනවා.විශේෂයෙන් මේ මොහොතේ ඩිල්ෂාන් මේ රටේ පවතින දේශපාලන වාතාවරණය මැද එක් පර්ශවයක් නියෝජනය කරන අයෙක් වීමත් ඊට බලපාන බව දකින්නට තිබෙනවා.

ඩිල්ෂාන් මීට පෙර පොහොට්ටුව දේශපාලනයෙන් මැතිවරණයට පවා ඉදිරිපත් වීමට උත්සාහ කළ අතර ඔහු විශ්වාසය පළ කළ ගෝටාභය රාජපක්ෂ අසාර්ථක වන විට මෙරටින් නික්ම ගොස් ඕසට්‍රේලියාවේ පදිංචි වුණා.ලිමන්සා ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස එ‘රටදීත් කැපී පෙණුනා.ඒ නිසා ඩිල්ෂාන් සම්බන්ධයෙන් වන අර්බූද සමනය කිරීමට ලිමන්සාගේ ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දීම නිහීන ක්‍රියාවක් යන්න අපගේ විශ්වාසය වෙනවා.ඩිල්ෂාන් ඕනෑම පියෙක් මෙන් ඔස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාව නියෝජනය පහසු බව සිතා දියණිය ශ්‍රී ලංකාවට රැඟෙන ඒමට කටයුතු කරන්නට ඇති බවත් බොහෝ විට ඇත්තක් විය හැකියි.එහෙත් ඇයට ලංකාව නියෝජනය කිරීමට තරම් දක්ෂතා ඇත්නම් ඊට හරස්වීම කිසිවෙකු විසින් නොකළ යුතුයි.

පසුගිය කාලයේ දැඩිව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තේරීම් විවේචනය කළ ඩිල්ෂාන්ගේ ඒ අදහස් සැළකිල්ලට නොගෙන ඇයගේ දක්ෂතාවයට තැනක් ලබා දීම ගැන අගය කළ යුතු අතර,ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක ලෙස ඇය මෙම තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහෙන ශක්තියක් එකතු කරනු ඇතැයි යන්න කෙරෙහි බලාපොරොත්තුවක් ද තබා ගත හැකියි.

SOURCE: NMR (Journalist)