බැඩ්මින්ටන් ජාතික තලයට එන්න ආධුනිකයන්ට තවත් මාවතක්
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) සංවිධානය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ආධුනික වයස් කාණ්ඩයේ බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 2 දක්වා දෙවලපොල, නයිවල නව සනිරෝ ගුවන් තොටුපළ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.ඒම තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 20 වන දා ය.
ශූරතාවලියේ බාලක බාලිකාවන් සඳහා වයස අවුරුදු 11, 13, 15, 17 සහ 19 යන වයස් කාණ්ඩ යටතේ තරග පවත්වනු ලැබේ. සමාරම්භක උත්සවය සැප්තැම්බර් 28 වනදා පැවැත්වෙන අතර මූලික තරඟ එදින සිට සැප්තැම්බර් 30 දක්වා පැවැත්වේ. අවසන් පූර්ව හා පූර්ව අවසන් තරඟ ඔක්තෝබර් 1 වනදා පැවැත්වෙන අතර අවසන් හා සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 2 දා ය.
SOURCE: NMR (Journalist)
Social Plugin