පහු පහු වෙන කොට කොහු විය හැකිය...
ඉලක්කම්වලින් කියවා ගනිද්දි 205 සහ 180 ලෙස ස්ථාන අලවා ජය පරාජයෙන් තොර වීම ගැන අපට සතුටු විය හැකි නමුත්,මේ ඉලක්කම්වලට වඩා කණ්ඩායම් දෙකේ සංයුතිය ගත් විට කතාව වෙනස් අරුතක් ගන්නේය.ශ්‍රී ලංකාව සතුව සිටින්නේ වඩාත් අත්දැකීම් සහිත,තරගකාරී පාපන්දු සංස්කෘතියක පෙරළි පොඩි වී අත්දැකීම් ලද්දෝය.ඒ අනුව කාම්බෝජය වඩා අප පෙරමුණෙන් සිටින බව පැහැදිළි විය.හුදෙකලාව ගත් විට ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට සළකා බලන විට ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොහැකි වුණත් දක්ෂයෝ වැඩිපුර සිටි බව සනාත කළ හැකිය.
දක්ෂතා තිබියදී අපට වරදින්නේ කෙසේ ද?
අප සංවේදී නොවී කතා කළ යුතු කාරණය ඇත්තේ එතැනය.පාපන්දු කණ්ඩායම් ක්‍රීඩාවක්ය.එක එක ක්‍රීඩකයා සතු සුවිශේෂී ගුණාංග සහ හැකියාවන් එකම රිද්මයකට එකතු නොවුණ විට ඇති වන හිදැස අප මේ කණ්ඩායමේ තැනින් තැන දකිමු.ඔවුන්ට පරාජය නොවී සිටින්නට හැකිය.ඔවුන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් පාලනය කර ගත්ත ද,ප්‍රතිවාදී දැල වෙත පන්දුව රැඟෙන යාමේදී එකිනෙකා තුළ එකිනෙකා ගැන තිබිය යුතු අවබෝධයෙන් තොරව කටයුතු කරන අවස්ථා අපි දකින්නෙමු.සමහර විට ක්‍රීඩකයෙක්ට එවැනි අවස්ථාවක තනිව තමන් ගැන විශ්වාස කර කටයුතු කරන්න වීම නිසා පන්දුව හුවමාරුව වෙනුවට ඔහු තනිව පන්දුව රැඟෙන යාම තෝරා ගන්නවා විය හැකිය.ඒ වේගය සම්බන්ධයෙන් සම්භාවිතාව සොයා සමාන කරන ලද රිද්මයකට කණ්ඩායමක් විදිහට යටත් කර නොමැති නිසාය.
විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ඒ දක්ෂතා එකතු වීම අතිශයින් වැදගත්ය.එහෙත් ඔවුන් කණ්ඩායමක් හැටියට එකට වැඩ කරමින් දීර්ඝ පුහුණු සැසිවල නොයෙදීම නිසා ඇති වන හිස් තැන් අප කියවා ගත යුතුය.මේ තත්ත්වය ඇතිවන පළමු මොහොතේම අප කීවේ මේ එන විදෙස් ක්‍රීඩකයින් සමඟ එකඟතාවක් ඇති කරගෙන ඔවුන්ව දේශීය තරගාවලියක් සඳහා විශේෂ කණ්ඩායම් සකසා දේශිය ක්‍රීඩකයින් සමඟ මුසු කර තරග වැදීමට සැළස්විය යුතු බවය.ඒ එවිට දේශිය ක්‍රීඩකයාද එම තාක්ෂණය වඩාත් ප්‍රායෝගික මට්ටමක සිට කියවාගන්නා බැවින් සහ අපට නොමැති රිද්මයානුකූල ක්‍රීඩාවකට පිවිසීමට එයින් අවස්ථාව උදා කර ගන්නා බැවින්ය.
ක්‍රීඩකයින් රටට හඳුන්වා දිමට මැදිහත් වූ පිරිස් ඒ ගැන පළමු මොහොතේ දැඬිව කළබල විය.ඒත් ලංකාවේ නිල පාපන්දු කළමණාකරනය මේ හඳුන්වා දීම් ලංකාවට ගලප්පාගන්නා ආකරය බුද්ධිමත්ව සහ දුර දක්නා නුවණින් සිඳු කළ යුතුය.මේ තත්ත්වය දැන්ම තේරුම් නොගන්නා විට වඩාත් ප්‍රතිපලදායී සුභ තැනෙක පතිත විය යුතුව ඇති මේ විදෙස් ක්‍රීඩක එකතුව දැඩි විවේචන මැද අවසන් වන්නට ඉඩ ඇත.ලංකාවේ ක්‍රීඩාවේ පලදායී පියවර නිසි ලෙස නොකෙරුණු නිසා බොහෝ අපවාද අවලාදවලට මැදිව ශ්‍රී ලංකාවට අවශ්‍යය නොවන පරිදි වියැකී යන අයුරු අපි දැක ඇත්තෙමු.මේ විදේශ ක්‍රීඩකයන්ගේ පැමිණීම ද එසේ නොවී වඩාත් පලදායි තැනක සිටුවා තබන්නට අප කල්පනා කළ යුතුය.
හැමදාම විදෙස්ගත ලාංකිකයන් කැඳවා ලංකාවේ පාපන්දුව පවත්වා ගෙන යාම වෙනුවට ඔවුන්ගෙන් පොළවේ පාපන්දුව පෝෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩ සටහනක් සකස් විය යුතුය.එල්පීඑල් වැනි තරග සංස්කෘතියක් ඇති කර කණ්ඩායම් කිහිපයක් සකස් කර හො ද අනුග්‍රාහකයින් කැඳවා තරගාවලියක් පැවත්වීමේ අවශ්‍යයතාවය පරාජය නොවී සිටීමට වඩා ජයග්‍රහණය අවශ්‍යය කරන මොහොතක අපේ කල්පනාව විය යුතුය.එය අපූරු මිශ්‍රණයක් වනු ඇත.මාස දෙකක කාලයක් වැය කර යුරෝපීය පාපන්දුවේ විවේක සමයට ජාතික තරගාවලයකට කැඳවා දේශිය ක්‍රීඩකයින් සමඟ එක්ව ක්‍රීඩා කරන්නට පුහුණු වෙන්නට සකස් කරන ඉඩක් ඇති කිරීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකස් කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දුව අසමත් වුවහොත්,ඉතාම පලදායී ලෙස ලංකාවේ පාපන්දුවේ පෝෂණයට අවශ්‍යය කරන ව්‍යහුයමය සැකස්මක්,දිනෙක සුදු අලියෙකු ලෙස විවේචනයට ලක් වෙනු ඇත.
SOURCE: NMR (Journalist)
Social Plugin