ලහිරු කුමාර අපට වරද්දයි.
ලහිරු කුමාර අප පවා විශ්වාස කළ දේ සිඳ බිඳ ඉතා හොඳ පන්දු යැවීමක නිරත වෙමින් එංගලන්ත දෙවන ඉණිම සුණු විසුණු කරන්නට පෙරමුණ ගත්තේය.අප පමණක් නොව ලහිරු කැඳවා ප්‍රභාත් ජයසූරිය නැවත්වීම ගැන බොහෝ අය දොස් කීහ.එහෙත් තේරුම් කමිටුව සහ කණ්ඩායම් කළමණාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තමන්ට ලැබුණු වගකීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය ගැන පැසසුම් අදහස් දක්වන්නට වී ඇත.අප ඒ ගැන සමාව අයදින්නේ නැත.අපි දුටු කතාව කීවෙමු.එහෙත් එහිදී අපට වඩා ක්‍රිකට්මය තර්කය හොඳ අතට හැරී ඇත.ඒ ගැන අපි ස්තූතිවන්ත වන්නෙමු.
දෙවන ටෙස්ට් තරගයේ දී ලහිරු අනවශ්‍යය ලෙස ලකුණු ලබා දුන් ආකාරයටම තෙවන ටෙස්ට් තරගයේ දී කඩුලු ලබා ගත්තද එංගලන්ත පිතිකරුවන් පහසුවෙන් පන්දුවට පහර දුන්නේය.එහෙත් දෙවන ඉණිමේ තරගයේ තීරණය පවා කණපිට හැරෙන්නට ඉඩ සකසමින් පන්දු යැවූ ලහිරු,එංගලන්තයේ දෙවණ ඉණිමේ ලකුණු පූවරුව 156 ට සීමා කරන්නට මුල් වෙමින් ලකුණු 21 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.
ලහිරු මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියල්ලම හොඳින් පන්දු යැවූ අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.එංගලන්තය ලකුණු 156 ට ත් මෙපිට නවතින්නට තිබුණු ඉඩ වසා දමමින් කඩුුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ආරක්ෂාව වෙනුවට ප්‍රහාරය ගැන විශ්වාස කරමින් වේගවත් ලකුණු 67 ක් ලබා නොගන්නට,ඊයේම තරගයේ පරාජය එංගලන්තය වෙත හිමිවන්නට තිබිණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට තව දින දෙකක් ඉතුරුව ඇත.කඩුලු 9 ක් ද ඉතිරිය.ඒ කඩුලු 9 දැවෙන්නට නොදී ලකුණු 125 ක් රැස් කිරීම අවශ්‍යය කර තිබේ.මේ බැලූ බැල්මට අසීරු නැති ඉලක්කයකි.එහෙත් මේ දින දෙක තුළ කුමන තත්ත්වයකින් තණතීරුව ශ්‍රී ලංකාවට උපකාරී වෙයි ද යන්න වගේම එංගලන්තය සතුව අති විශිෂ්ඨ පන්දු යවන්නන් සිටින බව ද අමතක කරන්නට නොහැකිය.ඒ නිසා ලකුණු කොපමණ අඩු ප්‍රමාණයක් ලබා ගන්නට තිබුණ ද,කඩුලු රැක ගෙන එම ඉලක්කයට යාමටනම් පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන්ට වඩා අකි විශිෂ්ඨ ලෙස සිය වගකීම ඉටු කළ යුතුව ඇත.
මේ වන විට දෙවන කඩුල්ල වෙනුවෙන් ස්ථාවර සබඳතාවයක් පවත්වමින් පැතුම් නිශ්ශංක මේ තරගයේ දී දෙවන වරටත් අර්ධ ශථකය ඉක්මවමින් (නොදැවී 53) ලකණු අතරට පිවිවස සිටින අතර කුසල් මෙණ්ඩිස් ද ලකුණු 30 ක් ලබා ගෙන ඇත.දෙදෙනාම ප්‍රහාරක වේගය සියය ඉක්මවා රඳවා ගනිමින් එංගලන්ත පීඩනයට එරෙහිව සාර්ථක ලෙස ප්‍රති පීඩනය එල්ල කරමින් සිටින්නේය.
SOURCE: NMR (Journalist)
Social Plugin