එංගලන්තයේ ජෝඩී ග්‍රින්හැම් (Jodie Grinham) පැරිසියේදී නියම ඉලක්කයට ඊතලය විදිමින්
ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් ඉතිහාසයේ පළමු ගර්භණී
කාන්තාව බවට පත්වෙමින්.
බඩදරු ඇයට, තනි Compound විවෘත ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවති සටනේදී එංගලන්තයේ ම
පුරවැසියකු මෙන්ම ඇගේ හොඳම මිතුරිය ට ද එරෙහිව තරග කිරීමට සිදුවීම විශේෂත්වයක්.
මාස හතක ගැබිනියකව සිටිමින් තරග කරද්දී නියමිත ඉලක්කයට කුරුමානම අල්ලන තෙක්
පයින් ගසන්නේ නැතිව සිටින්නැයි බඩේ සිටින බබාගෙන් ඉල්ලීම වැනි සාධාරණ අභියෝගයන්ට
මුහුණ දීමට ග්‍රින්හැම් ට සිදුවුනා.
“අපි තීරණාත්මක තරග වටයට ඇවිත් හිටියේ. බබා පයින් ගහන්න පටන් ගත්තා. ඒක
හරිම සුන්දර දැනීමක් වුනත්, ‘දැන්ම එපා බබෝ, අම්මා ඔයාට ආදරෙයි, නමුත් අපි මේ
පයින් ගහන එක තව මිනිත්තුවකින් පස්සෙ කරමු’ කියල මම හිතුවා” යනුවෙන් ඇය තරගයෙන්
පසුව කියා සිටියා.
“බබා පයින් ගහන එක නැවැත්තුවේ නැහැ. ඒක හරියට බබා, ‘ඔතන මොකද වෙන්නේ, හරිම
සද්දෙයි අම්මේ, ඔයා මොකද කරන්නේ?’ කියල මගෙන් අහනව වගෙයි. නමුත් බබා ඉන්න එක
ගෞරවයක් වගේ මට දැනුනේ මගේ බඩේ තිබූ බුබුළු දාන හඬින් එයාගෙ පුංචි සහයෝගය මට මතක්
කර දුන්න නිසා.”
ඉලක්කය ගැනීමේදී තමාගේ බඩ ඉදිරියට නෙරා තිබීම පිළිබඳව අවධානය යොමු කරමින්
තමාගේ සාමාන්‍ය ඉරියව්ව හා හුරුපුරුදු ක්‍රීඩා පිළිවෙල නිරතුරුව වෙනස් කිරීම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ
තමාගේ සූදානම් වීමේ ක්‍රියාවලියට ඇතුළත් වූ බව ග්‍රින්හැම් පැවසුවා.
“මගේ පුහුණුකරු සහ මම ගර්භණී අවස්ථාවල සිටින ක්‍රීඩිකාවකට යෝග්‍ය
සූදානම්වීම් වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත කළා.”
“ගැබ්බර කාන්තාවක් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට යනවා කියල මිනිස්සු කියනවාට මගේ කැමැත්තක් තිබුනේ නැහැ. මට ඔ්න වුනේ, ‘ගැබිනි කාන්තාවකටත් ඉහළම මට්ටමේ තරග කරල පදක්කමක් දිනා ගන්න පුළුවනි’ කියල ඔවුන් කියනවා ඇසීමටයි. කෙනෙක් හිතුවොත් ඔ්නෑම දෙයක් කළ හැකියි. බය නැතිව ඉදිරියට ගොස් ඒක කරන්න. ඔබට යමක් කරන්න උවමනා නම්, ඒක කරන්න” යනුවෙන් මේ ආදර්ශමත් දුනුවිදින්නිය උපදෙස් දෙනවා.
SOURCE - VG (Journalist)
Social Plugin