ඕස්ට්‍රෙලියානු මේස පන්දු අනාගතයටත් ලංකාවෙන් දෙන්නෙක්
ඇමෙරිකානු මේස පන්දු ක්‍රීඩාව තුළ දිදුලමින් සිටින අනාගත ඇමෙරිකානු මේස පන්දු බලාපොරොත්තු ලෙස ඇමෙරිකාව විසින් බලා ගනු ලබන ටාෂියා පියදාස සහ ටියානා පියදාස දෙ‘සොහොයුරියන් අතරට ඕස්ට්‍රේලියාවෙන් ද ලාංකිකයන් දෙදෙනෙක් එක්ව ඇත.ඔව්හු සහෝදරයන් නොවෙති.කෙනෙකු ක්‍රීඩිකාවක් වන අතර අනෙකා ක්‍රීඩකයෙකි.
ක්‍රීඩකයා අදීප කීර්තිරත්නය.ඔහු 15න් පහළ බාලක ඔස්ට්‍රේලියානු මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ද,සනායා බුද්ධදාස අවුරුදු 19 න් පහළ බාලිකා මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ද, නොවැම්බර් 22 සිට 29 දක්වා ස්වීඩනයේ Helsingborg හිදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් ලෝක සූරතාවලියට සහභාගිවීමට නියමිතය.මෙහිදී අවුරුදු 19 න් පහළ කේවල අංශයෙන් තරග වඳින්නට සනායා නම් කර ඇත.
මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව නම් කර ඇති අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් ද අවුුරදු 19 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් ද පහත දැක්වේ
අවුරුදු 15 න් පහළ බාලක
Jingyu Jacob Huang, Aaron Nguyen, අදීප කීර්තිරත්න, Andrew Li, Lawrence Fan (අතිරේක). කේවල - Jingyu Jacob Huang, Aaron Nguyen
අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම
Hwan Bae, Won Bae, Nicholas Lum, Aditya Sareen, Chulong Nie (පළමු අතිරේක) Clarence Cheng (දෙවන අතිරේක)
කේවල - Nicholas Lum, Aditya Sareen,
අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම
සනායා බුද්ධදාස, Chloe Cheng, Hanna Goh, Constantina Psihogios, Yi-Jen Hsu (අතිරේක)
කේවල - සනායා බුද්ධදාස, Constantina Psihogios
SOURCE: NMR (Journalist)
Social Plugin