පරාජය කරන්නට බැරුව සිටි එංගලන්තය පරදවන්නට මුල් වෙමින් පැතුම් ටෙස්ට් එකෙන් පාස් වෙයි

 


පරාජය කරන්නට බැරුව සිටි එංගලන්තය පරදවන්නට මුල් වෙමින් පැතුම් ටෙස්ට් එකෙන් පාස් වෙයි

පැතුම් නිශ්ශංක විසින් තමන්ට වැසී තිබුණ ටෙස්ට් දොරටුව විවර වීම අතිශයින් සාධාරණ බව ඔප්පු කරමින් වසර 10 ට පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයක් ශ්‍රී ලංකාවට ගෙන දෙන්නට සමත් වුණා.ඔහු මේ වන විට එක්දින සහ විස්සයි විස්ස ආකෘතියේ හොඳම පිතිකරු වන අතර මේ මොහොතේ ටෙස්ට් ලද ටෙස්ට් තරග ජයෙන් ඔහු එම ආකෘතියේ තරග සඳහා ඇති හැකියාවද ඔප්පු කර පෙන්නුවා.ශ්‍රී ලංකාව සහ එංගලන්තය 2014 දී හමු වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව 1- 0 ක් ලෙස එම තරගාවලිය ජය ගත් අතර එතැන් සිට ශ්‍රී ලංකාවට තරගාවලි තුනකදී තරග ජයක්වත් හිමි කර ගන්නට නොහැකිව තිබියදි මේ ජයග්‍රහණය ලැබීම අතිශයින් වැදගත් වෙනවා.

අදාළ දත්තවලට පිවිසීම සඳහා.. https://es.pn/4dRMDeY


ඒ නිසා කාලයක සිට පැවති පසුබෑම ඉවත් කිරීමේ පළමු පියවර හැටියට මේ තරගාවලියේ දී තරග 2ක් පරාජය වී අවසානයේ ජයක් හමු වීම හැදින්විය හැකිය.වසර දහයක් තිස්සේ සිඳුවන පරාජයන්වල සියල්ලෙහි වගකීම ක්‍රිකට් පරිපාලනයට පවරන කිසිවෙකු හෝ මේ ජයග්‍රහණ ගෙඩි පිටින් ක්‍රීඩකයන්ට පමණක් පවරන බව අපි දනිමු.පිටියේ සිටින ක්‍රීඩකයා කරන හොඳට හෝ නරකට පරිපාලනය සම්බන්ධනම් ඒ ආකාරයටම එ් ආකාරයටම ජය සහ පරාජයන්වල හොඳ සහ නරක පරිපාලනයට ද අත් කර දිය යුතුය.

තරගය පිළිබඳව අපි දෛනිකව වාර්තා කළෙමු.අපට ද කණ්ඩායම තේරීමේ සිටම ගැටළු සේ දුටු දේ තිබිණි.එහෙත් එක් නිමේෂයකින් අපේ සිතුවිලි වැරදි කර ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරා ගත් කණ්ඩායම තරගය ආපිට හරවන්නට සමත් විය.පළමු ඉණිමේ ඉදරියෙන් සිටි එංගලන්තය දෙවන ඉණිමේදී ලකුණු 156 ට දවාලන්නට අපටත් ගැටළුවක්ව පැවති ලහිරු කුමාර පෙරමුණ ගත්තේය.නැවත කණ්ඩායමට කැඳ වූ විශ්ව ප්‍රනාන්දු ද ඒ අතර විය.


සාමාන්‍යයෙන් ක්‍රිකට් ලෝකයේ පොදු අදහසට අනුකූලව සිතද්දී එංගලන්තය සිටින්නේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් බැවින්,එංගලන්තය 219 ක් වැනි ඉලක්කයක් ලබා දෙද්දී සාමාන්‍යයෙන් තිගැස්මක් ඇති වීම වළක්වනු නොහැකිය.එහෙත් මේ වන විට පැතුම් නිශ්ශංක මුල් වෙමින්,කුසල් මෙණ්ඩිස්ගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නොමඳ සහය ඇතුව ඒ තිගැස්ම නිමා කර අපේ හද ගැස්මට ජයග්‍රහණයේ සතුට මුසු කර ඇත.

මේ ඉලක්කය හඹා යාමේදී පැතුම් සහ කුසල් සිය ඉණිම් ගොඩ නඟපු ආකාරය අතිශයින් වැදගත්ය.එංගලන්ත පන්දු යවන්නන්ගේ මානසික විශ්වාසය පළුඳු කරමින් ඔවුන් පන්දු ගණනට ඉදිරියෙන් ලකුණු ගණන තබා ගනිමින් ක්‍රීඩා කරමින් එංගලන්තයෙන් තරගය උඳුරා ගන්නට තමන්ට හැකි බව එංගලන්ත ක්‍රීඩකයන්ගේ හදවතට දැන්නූවේය.


ජයග්‍රහණය තෙක්ම සිටින්නට හැකි ලෙස ඉතාම පහසුවෙන් සිය පිත්තේ නිවැරදිම තැනින් පන්දුව සොයා යමින් සිටි කුසල්ව වඩාත් ප්‍රිය කරන,ඇබ්බැහි වී සිටින පහරකට ගොඳුරු කර ගන්නට ඇට්කින්සන්ට හැකි විය.ඒ නිසා කලකට පසුව සිය රිද්මයට පැමිණ හොඳ ටෙස්ට් ඉණිමක් ගොඬ නඟමින් සිටි කුසල්,වැරදි ඇබ්බැහිවීමේ ප්‍රතිපලයක් ලෙස ලකුණු 39 ට දැවී ගියේය.පන්දු 37 න් එම ලකුණු ප්‍රමාණය ගලා ඇවිත් තිබිණ.

ඉනික්බිතිව පැමිණියේ පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස්ය.ජය පේන  තැනකට පැමිණ තිබූ තරගය අත් සිය අත් වරදකින් එංගලන්තයට දෙන්නට ඔහු අකමැති විය.පැතුම්ට මුල් තැනත්,ශතකයට යාමට ඉඩ හසරත් ලබා දුන් මැතිව්ස් ලකුණු 32 ක් නොදැවී ලබමින් ජයග්‍රහණයට හවුල් විය.පැතුම් නිශ්ශංක ඉණිමේ කොඳු නාරටිව වෙමින් තරගයේ වීරයා වන්නට අවශ්‍යය සියලු සුදුසුකම් සපිරි ඉණිමක් දියත් කළේ පන්දු 124 න් ලකුණු 127 ක් නොදැවී ලබා ගනිමින්ය.එම ඉණිමට ඔහු එකතු කළ හයේ පහර ගණන 2 කි.හතරේ පහර ගණන 13 කි.


එහෙත් කිසිම විදිහකින් මේ තරගයේ වීරයා පැතුම් නිශ්ශංක වුව,ජයග්‍රහණයේ මාවතට පාවඩ එලූ ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය ප්‍රතික්ෂේප කර දැමිය නොහැකිය.සැබවින්ම මේ ජයග්‍රහණයේ ප්‍රධානම අයිතිය යා යුත්තේ ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බලමුළුවටය.

තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙතනින් පිවිසය හැකි අතර දිනපතා අපේ විග්‍රහයන් ද වෙබ් අඩිවිය හරහා කියවිය හැකිය. https://es.pn/4ebbCd2

SOURCE: NMR (Journalist)