ජනිත් ලියනගේ අලුත් විදිහකට තෝරයි

 


ජනිත් ලියනගේ අලුත් විදිහකට තෝරයි

එක්දින තරග 3 ක් සහ දෙවනුව සිව්දින නිල නොවන ටෙස්ට් තරග දෙකක් ලෙස සැළසුම් වී ඇති ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග සහ විස්සයි විස්ස තරග නියෝජනය කරන ජනිත් ලියනගේ අලුත් අත්හදා බැලීමකට ලක් කරමින් නිල නොවන ටෙස්ට් සංචිතය සඳහා පමණක් ඇතුළත් කරන්නට තේරුම් කමිටුව තීරණය කර තිබෙනවා.

පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ජනිත් හැරෙන්නට ටෙස්ට් තරග සඳහා පමණක් නම් කර ඇති සෙසු ක්‍රිඩකයින් වන්නේ අශාන් වික්‍රමසිංහ,නිශාන් පීරිස්,ඉසිත විජේසුන්දර,ඔෂධ ප්‍රනාන්දු සහ විශාද් රන්දික යන අයයි. එක්දින කණ්ඩායමට පමණක් ඇතුළත් වන ක්‍රීඩකයන් වන්නේ කමිල් මිශාර,සහන් ආරච්චිගේ,දුශාන් හේමන්ත,චමිඳු වික්‍රමසිංහ සහ කවිඳු නදීශාන් යන අයයි.


ලහිරු උදාර,පවන් රත්නායක,නුවනිඳු ප්‍රනාන්දු,ෂොනාල් දිනූෂ,චාමික ගුණසේකර,මොහොමඩ් සිරාස්,වනුජ සහන්,ඒෂාන් මාලිංග සහ දිනුර කළුපහන මෙන්ම නායක පසිඳු සූරිය බණ්ඩාර ද මෙම සංචාරයේ දී එක්දින සහ නිල නොවන ටෙස්ට් තරග සඳහා නම් කළ කණ්ඩායම් දෙකේම රැඳී සිටිනවා.

SOURCE: NMR (Journalist)