හසීනා නැති බංගලාදේශයට ලෝක කුසලාන දොර වැසේ
ෂෙයික් හසීනා ඉවත් කරමින් කළ අරගලය හේතුවෙන් බංගලාදේශයේ පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය නිසා,ඔක්තෝම්බර් මස 03 සිට 20 දක්වා එරට පැවත්වීමට නියමිතව තිබුණු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සංවිධානය කිරීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමට අයිසීසී ය කැමත්ත පළ කරත්,ඉන්දියාව එම යෝජනාව පිළිගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල ලේකම් ජේ ශා අයිසීසීය විසින් ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ගැන අදහස් දක්වමින් “ අපි එළැඹෙන වසරේ එක්දින ජාත්‍යන්තර තරග ලෝක කුසලානය පවත්වනවා.එවැනි තත්ත්වයක ලෝක කුසලාන තරග ගොඩ ගසා ගන්නට අවශ්‍යය නැහැ” යනුවෙන් පවසා ඇත.
ආර්ථිකමය වශයෙන් මෙන්ම රටක කීර්තියට සහ දේශපාලනිකවත් වැදගත් ලෝක කුසලාන තරගාවලියක් ක්ෂණිකව සංවිධානය කිරීම සඳහා අයිසීසීය විසින් වැඩි ඉඩ ප්‍රස්ථාවක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කෙරෙහි විශ්වාසය තැබීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.ආසියානු කුසලානය සංව්ධානය කිරීමෙන් යහපත් ප්‍රතිචාර ලැබූ ශ්‍රී ලංකාවට මෙම ලෝක කුසලාන තරගාවලිය හිමි වුවහොත්,එය රටේ පවතින ආර්ථිකයට මෙන්ම ව්‍යාපාරික කේෂ්ත්‍ර ගණනාවකට විශාල පිබිදීමක් ඇති කරන තරගාවලියක් වනු ඇති අතර විශේෂයෙන් සංචාරක හෝටල් කේෂ්ත්‍රය සහ සංචාරක කේෂ්ත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරන්නට හේතු වනු ඇති බව සිතිය හැකියි.
එහෙත් මෙරට දී පවතින ජනාධිපතිවරණයෙන් පසුව උදාවිය හැකි තත්ත්වයන් ගැන ද අයිසීසීය අවධානය යොමු කරන්නට ඉඩ ඇත.පාර්ලිමේන්තුවම එක්ව අයිසීසී එකඟතාවය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිඳු කරන ලද කාර්යයන් ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීම නිසා අයිසීසී ය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවීමට ක්‍රියා කළේය.ඒ නිසා ශ්‍රී ලංකාවේ ඒ මොහොතේ පැවත්වීමට තිබූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ද ඉවත් කර ගත්තේය.විශාල මුදලක් මෙරටට ලැබෙන්නට නියමිතව තිබුණු ඒ මෙහොත අළලා ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා එම මුදල් පාලනය කිරීමේ බලය පැවරෙන්නට ගිය අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව ගැන ද අයිසීසී ය කල්පනා කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් ජාත්‍යන්තර වශයෙන් වැදගත් සහ විශාල මුදලක් සංසරණය වන මොහොතවල්වලදී සිය හිතවතුන් අතුරු කමිටුවලට ගෙන ඒමේ පුරුද්දදක් ඔවුන්ගේ අධ්‍යයනයට හසුව තිබෙන නිසා විය යුතුය.අවසාන වරට ඒ දේශපාලන තීන්දුව ගත් දේශපාලනඥයාද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබීම ගැන ද ඔවුන් අවධානය යොමු කරනු ඇත.
Social Plugin