කව්ශිනිගේ කඩුලු රැකීමේ අත් ආවරණත් එකතු කර ගනියි

 

කව්ශිනිගේ කඩුලු රැකීමේ අත් ආවරණත් එකතු කර ගනියි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය සඳහා කැඳවා ඇති ශ්‍රී ලංකා සංචිතයට නැවතත් කව්ශිනි නෘත්‍යංගනා ද ඇතුළත් කර 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.ආසියානු කුසලානය දිනූ ක්‍රිකට් සංචිතයේ නොසිටි කඩුලු රකින්නියක වන කව්ශිනි නෘත්‍යංගනා කැඳවමින් අනුෂ්කා සංජීවනීගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යය කරන කඩුලු රැකීමේ පිතිකාරිණිය ගැන යම් අදහසකින් මේ තෝරා ගැනීම කර ඇති බවට හැඟෙනවා.

මේ වන විටත් ජාත්‍යන්තර එක්දින තරග 5 ක් ක්‍රීඩා කර ඇති කවිශිනි තමන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වන දායකත්වය ගැන පීඩනයක් ඇති කර නොගෙන හොඳ ඉණිමක් ක්‍රීඩා කරමින් පිතිකාරිණියක ලෙස ස්ථාවර වීම ද පෙන්වා දිය යුතුය තිබෙනවා.බොහෝ විට අයර්ලන්ත සංචාරයේ දී කවිශිනි ඒ තත්ත්වය තේරුම් ගෙන හැසිරෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.