චමරිගෙන් පසුව ජාත්‍යන්තර ලීග් තරගාවලියකට තෝරා ගත් ලාංකේය ක්‍රීඩිකාව වීමට හර්ෂිතා සමත් වෙයි
ජාත්‍යන්තර ලීග් තරගාවලියකට චමරි අතපත්තුගෙන් පසුව,ශ්‍රී ලංකාවෙන් අවස්ථාව ලද දෙවැන්නිය වෙමින්, හර්ෂිතා මාධවී සමරවික්‍රම ට්‍රින්බෑගෝ නයිට්රටිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැරිබියන් ලීගයේ දී පිටියට බසින්නට නියමිතව සිටියි. චමරි අතපත්තු ද එම තරගාවලියේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට තරග වැදීමට නියමිතය.
හර්ෂිතා මාධවී සමරවික්‍රම කැරිබියන් කාන්තා ලීග් තරගාවලියේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට තෝරා ගෙන ඇත්තේ එම කණ්ඩායමට තෝරාගෙක සිටි මෙග් ලෙනින්ග් ආබාධයකට ලක් වීම නිසාය.
නිමා වූ අයර්ලන්ත සංචාරයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙණුන පිතිකාරිණිය වූ හර්ෂතා එහිදී ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් ලද තෙවන ක්‍රීඩිකාව මෙන්ම කුමන හෝ තරග රටාවකදී ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී ශතකයක් ලැබූ සිව්වැන්නිය ලෙස ද අභිෂේක ලද්දාය.
SOURCE: N.M.R (Journalist)
Social Plugin