සංගා එංගලන්තයට යද්දි බෙල් ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රීඩක ඉයන් බෙල් කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අදහස් දක්වන ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙන්නේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ඇති ඉයන් බෙල්ගේ දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සංචාරයේ දී වැදගත් වනු ඇති බවය.
ඉයන් බෙල් ශ්‍රී ලංකාවේ පිතිකරු පුහුණුකරු ලෙස කැදවීම සිඳුවන මොහොත වන විට එංගලන්ත කණ්ඩායමේ සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර කැඳවා තිබිම ද විශේෂත්වයකි.මේ වන විට දැණුම සහ හැකියාව දේශ සීමාවන්ට අදාළ නොවන ලෝකයේ විශාල ඉඩක් සහිත දෙයක් බව කියන්නට මෙම දෙපසට කර තිබෙන පත්වීම් හොඳ උදාහරණයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පදනම් කරගෙන එම ටෙස්ට් තරග තුනේදී හ්‍රී ලංකාවේ පිතිකරුවන්ට මඟ පෙන්වන,ඉයන් බෙල් 42 හැවිරිදි ය.ටෙස්ට් තරග 118 දී එංගලන්තය නියෝජනය කර අත්දැකීම් ඇති ශතක 22 ක එකතුවක් හිමි ඉයන් බෙල් එකතු කරගෙන ඇති ලකුණු 7727 සාමාන්‍ය සඳහන් වන්නේ 42.69 ක් ලෙස ය.
Social Plugin